
පොලිස් නිලධාරීන්ට අලුතින් හිස් ආවරණ, බැටන් පොලු, කදුළු ගෑස් සහ කදුළු ගෑස්වලින් ආරක්ෂා වීමට භාවිත කරන මුහුණු ආවරණ ආදිය ලබා දී ඇතැයි එම වාර්තාවල සඳහන්.
කෙසේ වෙතත් මේ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පවසා ඇත්තේ මෙම අළුත් උපකරණ 2017, 2018 වසරවල මෙරටට ගෙන්වා ඇති ඒවා බවත් භාවිතයට ගෙන නොතිබූ එම උපකරණ පවතින තත්ත්වයන් මත මෙලෙස භාවිතයට ගැනීමට කටයුතු කළ බවත් ය. කිසිදු උපකරණයක් අළුතින් ආනයනය නොකළ බව ඔහු පවසා තිබෙනවා.