විශ්වාසභංගයට පෙර අගමැති ඉල්ලා අස්වීමේ සූදානමක් ?

විශ්වාසභංගයක් ගෙන ඒමට පෙර අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට වැඩි ඉඩකඩක් ඇති බව සමගි ජන බලවේග මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා. මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවක් අමතමින් මේ බව පවසා තිබෙනවා. 

මේ වන විට අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ජයගැත හැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති බව පවසන මන්ත්‍රීවරයා එසේ විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමට පෙර ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස්වනු ඇති බවට තොරතුරු ලැබී ඇති බව ද පවසා තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu