ජනතාවට වගකියන රජයක් වෙනුවෙන් ජනතාව විසින් සිදු කරනු ලබන ඉල්ලීම් පිළිබඳව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව ඇති බව වාර්තා වනවා.
ඒ අනුව, විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණයට අදාළව, සාධනීය කරුණු ඇතුළත් ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමේ යෝජනාවක් අගමැතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.