හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට එරෙහිව නීතිඥ සංගමය නැගී සිටී

හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම අවලංගු කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. එම සංගමය ඉල්ලා සිටින්නේ මූලික අයිතීන් වන සාමකාමී ‍රැස්වීම් හා අදහස් ප්‍රකාශ කිරීමේ හා පළකිරීමේ නිදහස සුරක්ෂිත කරන ලෙසයි.

හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම රටේ වත්මන් ගැටළුවලට විසඳුමක් නොවන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා සහ ලේකම්වරයා විසින් නිකුත් කල නිවේදනයේ දැක්වෙනවා. 





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu