
ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් ඇති අතර පෙරේදා දින උදෑසන නිශ්ශංක සේනාධිපති ගේ පුතා, ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ ළමුන් පිරිස ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් මාලදිවයින බලා පිටත්ව ගොස් තිබුණා. ඔවුන් එසේ පිටත්ව යන අවස්ථාවේ දී කටුනායක ගුවන් තොටුපළ පරිගණක දත්ත පද්ධතිය මෙන්ම ආරක්ෂක කැමරා පද්ධතිය ද හසුරුවා ගත නොහැකි ආකාරයට අවුල් සහගත තත්වයෙන් පැවති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.