"IMF එකෙන් මුදල් දෙන්න මාස හයක්වත් යනවා, එතෙක් අවශ්‍ය මුදල් සොයා ගන්න සිදුවනවා"

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීමට කැමැත්ත පළ කර සිටියත් එම අරමුදලෙන් ශ්‍රී ලංකාවට ආධාර ලබා දීම සඳහා මාස හයක පමණ කාලයක් ගතවනු ඇති බව විදේශ අමාත්‍ය ජී එල් පීරිස් පවසනවා. එසේ ලැබෙන ආධාර මුදල් ද වාරික වශයෙන් ලැබෙනු ඇති බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා ඇත්තේ. 

මෙම කාලය අතරතුර ජනතාවට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සැපයීම සඳහා වෙනත් මාර්ගයකින් මුදල් සොයා ගත යුතුව ඇති බව අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා තිබෙනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu