ඖෂධ වර්ග තුනක උග්‍ර හිඟයක් නිසා හෘද රෝගීන් දැඩි අවදානමක

හෘද රෝගීන් සඳහා අවශ්‍යම බෙහෙත් වර්ග තුනක උග්‍ර හිඟයක් පැවතීම හේතුවෙන් රෝගීන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවනවා. ඖෂධ හිඟය ඇතුළු ගැටළු රාශියක් හේතුවෙන් සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයම දැඩි අර්බුදයකට මුහුණපා ඇති බවයි එම සංගමය පවසන්නේ. 

එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පවසන්නේ ආණ්ඩුවේ දුර්වල පාලනය හේතුවෙන් රටම අවධානමකට පත්ව ඇති බවයි. එසේම ඉදිරි සති කිහිපයේ දී මෙම තත්ත්වය ඉදා උග්‍රවිය හැකි බව ඔහු පවසා තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu