තෙල් බවුසර් හිමිකරුවන් සේවයෙන් ඉවත් වෙයි

ඛනිජ තෙල් ප්‍රවාහනයෙන් අද (20) දිනයේ සිට ඉවත්වන බව ඛනිජ තෙල් ප්‍රවාහන බවුසර් හිමිකරුවන්ගේ සංගමය පවසනවා. රට පුරා ඇති අනාරක්ෂිත තත්ත්වය පහව යන තෙක් මෙලෙස ප්‍රවාහන කටයුතුවලින් ඉවත් වන බවයි ඔවුන් පවසන්නේ. 

බවුසර සඳහා ප්‍රමාණවත් ආරක්ෂාවක් සැපයෙන්නේ නම් පමණක් නැවත තෙල් ප්‍රවාහනය පිළිබඳව සලකා බලන බව එම සංගමයේ ඛනිජ තෙල් සංස්ථා සභාපතිවරයාට ලිපියක් යොමු කරමින් පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu