
මහජන ආරක්ෂක ආඥාපනතේ 2 වන වගන්තිය යටතේ කොන්දේසි දෙකක් මත හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපතිවරයාට ඉඩ සලසා තිබෙනවා. එම බලය හැසිරවීම සිදු විය යුත්තේ ජනාධිපතිවරයාගේ මතයට අනුව;
1. මහජන ආරක්ෂාව සහ මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා හෝ
2. ජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයුම් හා සේවා පවත්වා ගැනීම සඳහාය.
ඒ අනුව මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතුකොට ගෙන මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම හා ජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යාම සඳහාත් එසේ කිරීම අවස්ථානුකූල බැවින් හදිසි නීතිය ක්‍රියාත්මක කරන බවයි ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ.