මුදල් නොදුන් නිසා යාචකයෙක් වෛද්‍යවරයෙකු ඝාතනය කරයි

සිඟමන් යදිමින් සිටි යාචකයෙකු ආර්ය්වෙද වෛද්‍යවරයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් බත්තරමුල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා. බත්තරමුල්ල සුපිරි වෙළඳසලක් අසල සිඟමන් යදිමින්  සිටි පුද්ගලයෙක් වෛද්‍යවරයාගෙන් සිඟමන් ඉල්ලා ඇති අතර එහි දී ඇති වූ බහින් බස්වීමක් දුර දිග යාමෙන් පිහි ඇණුමක් සිදුව තිබෙනවා. 

ඝාතනයට ලක් වී ඇත්තේ මාලඹේ ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි ආයුර්වේද වෛද්‍යවරයෙක්. මේ වන විට සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර පොලීසිය වැඩි දුර පරීක්ෂණ පවත්වනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu