රඹුක්කන සිද්ධියට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා අත් අඩංගුවට

රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ කෑගල්ල කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී කීර්තිරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. එසේම එම වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා ද අත් අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා. 

රඹුක්කන ජනතා අරගලය අතරතුර දී සිදු වූ පොලිස් වෙඩි තැබීම සම්බන්ධයෙන් එයට අණදුන් සහ අනෙකුත් සියළුම සැකකරුවන් අත් අඩංගුවට ගන්නා ලෙස කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ නියෝග කලා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu