
සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳව සාකච්ඡා කිරීමට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයන්ටද, මහ මැතිවරණයෙන් ආණ්ඩුව හා එක්ව සිට දැනට ස්වාධීන කණ්ඩායම් ලෙස කටයුතු කරන නායකයින්ට ද ලබන 29 වන දින උදෑසන ජනාධිපති මන්දිරයට පැමිණෙන ලෙස ජනාධිපතිවරයා එම ලිපියෙන් දන්වා ඇති බවයි පැවසෙන්නේ.
මේම් සාකච්ඡාවේ දී අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු ආණ්ඩුව ඉල්ලා අස්වීමෙන් පසු යෝජිත ආණ්ඩුවේ ව්‍යුහය, ක්‍රියාත්මක වන කාර්ය සීමාව හා වගකීම් ලබාදෙන පුද්ගලයන් පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතයි.