ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මූලස්ථානයේ පැවති ආසන සංවිධායකවරුන්ගේ සහ කළමනාකාරවරුන්ගේ විශේෂ රැස්වීමක දී ඒකමතිකව සියළු දෙනා තීරණය කර ඇත්තේ වත්මන් ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත් විය යුතු බවය.
වර්තමාන දේශපාලන අර්බුදයේ දී ගතයුතු පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේදී සියළුම ආසන සංවිධායකවරුන් සහ කළමනාකරුවන් මෙලෙස ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බව පවසා තිබෙනවා.
කෙසේ වෙතත් එහිදී මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත්තේ මෙය ආණ්ඩුවෙන් ඉවත් වීමට උචිත අවස්ථාවක් නොවන බවත් අවශ්‍ය වේලාවේ දී ඉවත් වීම සිදු කරන බවත් ය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයන් සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් හෙට සවස 4ට ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි.