රුසියාවට එරෙහිව තමන් යුද්ධයකට නොයන බව අමෙරිකා එක්සත් ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර තිබෙනවා. ඔහු පවසා ඇත්තේ නේටෝ හමුදාව විසින් ආරක්ෂා කරන සෑම බිම් අඟලක්ම ආරක්ෂා කිරීමට ඇමරිකාව පියවර ගන්නා බවයි.
එහෙත් යුක්‍රේනය පදනම් කර ගනිමින් රුසියාවට එරෙහිව යුද නොවදින බව පවසා ඇති ජනාධිපතිවරයා එසේ යුද තත්ත්වයක් ඇති වීම තුන්වන ලෝක යුද්ධයේ ආරම්භය විය හැකි බව පෙන්වා දෙනවා. එම නිසා ඒ තත්ත්වය වැළැක්වීමට පියවර ගත යුතු බවයි ජෝ බයිඩන් ජනාධිපතිවරයා පවසා ඇත්තේ.