දේශපාලන පක්ෂ අභිබවා යන අසංවිධානාත්මක බහුජන විරෝධතාවයක් රට පුරා වර්ධනය වෙමින් පවතින බව රාජ්‍ය බුද්ධි අංශ විසින් අනතුරු අඟවා තිබෙනවා.
ජනාධිපතිවරයා ජාතිය අමතමින් ප්‍රකාශයක් සිදු කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට නිශ්චිත තීන්දුවක් ගැනීම යන කරුණු වලට මෙය ප්‍රධාන හේතුවක් වී ඇති බවයි පැවසෙන්නේ.
ජීවන වියදම සමඟ උද්ධමනය ඉහළ යෑම එකවිට සිදුවීම නිසා ජනතාවට දරාගත නොහැකි වියදම් හේතුවෙන් ඔවුන් අපේක්ෂා භංගත්වයට පැමිණ තිබීම නිසා මෙවැනි තත්ත්වයක් මතුවිය හැකි බවයි විශේෂඥයින් පෙන්වා දී ඇත්තේ.