රථ වාහන දෙකක් අද (29) දිනයේ දීද එකවර ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා. ඒ කොළඹ සේදවත්ත ප්රදේශයේදි ත්රීරෝද රථයක් සහ වාද්දුව – මොරොන්තුඩු මාර්ගයේදී යතුරුපැදියක්.
ත්රී රෝද රථයේ ගින්න ඇවිලෙන අවස්ථාවේ දී එම ස්ථානයේ සිටි රථවාහන අංශයේ පොලිස් නිලධාරියෙකු ගින්න පාලනය කිරීම සඳහා පියවර ගෙන තිබුණා. එසේම යතුරු පැදිය ගිණි ගෙන තිබුණේ එම යතුරුපැදියෙන් පැමිණි පුද්ගලයා ආහාර ගැනීම සඳහා ආපන ශාලාවක් වෙත ගොස් සිටියදීයි.
ගිනි ගැනීම්වලට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.