නැනෝ චන්ද්‍රිකා ව්‍යාපෘතියේ තවත් පියවරක් ඉදිරියට තබමින් ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානය ජාත්‍යන්තර ආයතන 5ක් ඒ්කාබද්ධව චන්ද්‍රිකාව නිර්මාණය කර තිබෙනවා. කිට්සුනේ (Kitsune) ලෙස නම් කළ එය 2022 පෙබරවාරි 18 දින සිග්නස් - 17 රොකට්ටුව මගින් ජාත්‍යන්තර අභ්‍යවකාශය වෙත යවනු ලැබුවා.
එය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට කිලෝමීටර් 400 දුරින් පිහිටි කක්ෂය වෙත මුදා හැරීම පසුගියදා සිදුවුණා.
ආතර් සී. ක්ලාක් ආයතනය පළමු වරට නිර්මාණය කළ නැනෝ චන්ද්‍රිකාව වූයේ රාවණ 01 ය. එය 2019 ජුනි 17 දින ජත්‍යන්තර අභ්‍යවකාශයේ සිට කක්ෂ ගත කරනු ලැබුවා.
රාවණ 01 චන්ද්‍රිකාව මෙන් 6 ගුණයකින් විශාල කිට්සුනේ, උසින් සෙන්ටිමීර් 30 ක්ද , පළලින් සෙන්ටිමීර් 20ක්ද , ඝනකමින් සෙන්ටිමීටර් 10ක් ද වනවා. මෙම චන්ද්‍රිකාවේ විශේෂත්වය ජාත්‍යන්තර ආයතන 5ක් ඒකාබද්ධව නිර්මාණය වුව ද ඉංජිනේරුමය තාක්ෂණික දායකත්වය දීම ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානයේ ඉංජිනේරුවන් විසින් සිදු කිරීමයි.
ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් ඉංජිනේරු සනත් පනාවැන්නගේ මහතා සඳහන් කරන්නේ කිට්සුනේ නැනෝ චන්ද්‍රිකාව තාක්ෂණය අතින් උසස්, සංවේදී කැමරා පද්ධතියකින් සමන්විත වූවක් බවයි.
පෘථිවියේ සෙන්ටිමීටර් 5ක පමණ වපසරියක් තියුණු ලෙස නිරීක්ෂණය කිරීම, පෘථිවිය වටා ඇති අයන ගෝලයෙහි ඉලෙක්ට්‍රොනික ඝනත්වය නිරීක්ෂණය ඇතුළු විද්‍යාත්මක පර්යේෂණ රැසකට එය දායක කර ගැනීමට හැකි බව පැවසෙනවා.
එමගින් ලබා ගන්නා දත්ත ඉදිරි චන්ද්‍රිකා නිර්මාණයට මෙන්ම ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටවල විද්‍යාව හා තාක්ෂණයේ දියුණුව කඩිනම් කිරීමට හේතු වන බව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් ඉංජිනේරු සනත් පනාවැන්නගේ මහතා පෙන්වා දෙනවා.