යුක්‍රේන ආක්‍රමණයට එරෙහිව රුසියාවට බටහිර සහ යුරෝපානු රටවල් සම්බාධක පැනවීම හේතුවෙන් රුසියාව විසින් එම රටවල ඉහළ පෙලේ බලධාරීන්ට තම රටට ඇතුළුවීම තහනම් කර තිබෙනවා.
ඒ අනුව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ට ද රුසියාව ඇතුල්වීම තහහනම් කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. ඊට අමතරව ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන්, සී අයි ඒ ප්‍රධානී විලියම් බර්න්ස්, ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින්, අමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයින් 13 දෙනෙකුට ද රුසියාව විසින් සිය රටට ඇතුල්වීම තහහනම් කර තිබෙනවා.
එසේම කැනඩාවේ අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයින් 33 දෙනෙකුට ද රුසියාව විසින් මෙම තහහනම් පනවා ඇති බවයි පැවසෙන්නේ.