රුසියානු ගුවන් යානා සිය ගුවන් කලාපයට ඇතුල්වීම තහනම් කිරීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා. ඒ අනුව ඉදිරි පැය 24ක කාලය තුළ දී රුසියන් ගුවන් යානාවලට අමෙරිකානු ගුවන් කලාපය තහනම් කිරීමේ නියෝගය අමෙරිකාව විසින් නිකුත් කරනු ඇති බවයි පැවසෙන්නේ.
මේ වන විට යුරෝපය සහ කැනඩාව රුසියාවට සිය ගුවන් කලාපය තහනම් කර තිබෙනවා.