දැනට දීර්ඝ කාලයක් පුරා පවතින දෛනික විදුලි කප්පාදුව තවත් පැය 02කින් හෝ අඩු කර ගැනීමට ලංකා විදුලි බල මණ්ඩලයේ අවධානය යොමුව පවතිනවා. ඒඅනුව IOC සමාගමෙන් ඩීසල් මෙට්රික් ටොන් 6000ක් ලබා ගැනීමට සැලසුම් කර ඇති බවයි පැවසෙන්නේ.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් මෙම ඉන්ධන තොගය මිල දී ගෙන ඍජුවම විදුලි උත්පාදනයට ලබා දීමටයි අපේක්ෂා කරන්නේ. ඒ අනුව හෙට දිනයේ සිය විදුලි කප්පාදුව පැය 2කින් පමණ අඩුකර ගැනීමට විදුලි බල මණ්ඩලය අපේක්ෂා කරනවා.