ඉන්ධන හිඟය හේතුවෙන් විදුලිය උත්පාදනය කිරීමට නොහැකිව විදුලි බලාගාර 8ක් මේ වන විට නවතා දැමීමට සිදුව ඇති බව විදුලිබල මණ්ඩලය පවසනවා. ඒ අනුව මේ වන ඉන්ධන මඟින් ක්‍රියාත්මක වන විදුලි බලාගර දෙකක් පමණක් ක්‍රියාත්මක බවයි පැවසෙන්නේ. ඒ සෝජිස්ට්ස් සහ උතුරු ජනනී යන බලාගාර දෙක පමණි.
ඊයේ (02) දිනය දක්වා විදුලි සැපයුමට ෆර්නස් තෙල් ඝනමීටර් 1036ක් අවශ්‍ය වී තිබූ අතර පැවතියේ ඝන මීටර 716 කි. එසේම අවශ්‍ය නැප්නා ප්‍රමාණය ඝන මීටර් 950ක් වුව ද බලාගාර සතුව නැප්නා නොමැති බව පැවසෙනවා.
අද දිනය දක්වා විදුලි බලාගාර සතුව ඝන මීටර් 2640ක ඩීසල් ප්‍රමාණයක් අවශ්‍ය වුව ද පවතින්නේ ඩීසල් ඝන මීටර් 650ක් බව පැවසෙනවා.