එම සිදුවීම සිදුවී ඇත්තේ කෑගල්ල, රන්වල, අලුත්පාර හන්දියේ ගෑස් බෙදාහැරීමේ ආයතනයක අලෙවි සැල ඉදිරියේ දීයි. කනක හේරත් කෑගල්ල දිස්ත්‍රික්කයේ ලිට්‍රෝ ගෑස් නියෝජිතයා ද වන අතර මෙම බෙදාහැරීමේ ආයතනයද පවත්වාගෙන යනු ලබන්නේ ඔහු විසින් බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
රාජ්‍ය ඇමතිවරයා මෙම ස්ථානයට පැමිණෙමින් සිට ඇති අතර ජනතාව පෝලිමේ රැඳී සිටිනු දැක ඇති ඔහු එහි නතර නොවී ඉදිරියටම සිය රථය ධාවනය කර තිබුණා. එම අවස්ථාවේ රාජ්‍ය ඇමතිවරයා දැක ඇති ගෑස් පෝලිමේ රැඳී සිටි පිරිස ඔහුගේ රථයට පහරදී තිබෙනවා. ඔවුන් සිය අතේ තිබූ ගෑස් සිලින්ඩර වලින්ද පහරදී තිබෙන අතර පසුව ජනතාව එම ස්ථානයේ පාර හරස් කර විරෝධාතාවකද නිරතව වූ බවට සදහන්.