අද (15) මධ්‍යම රාත්‍රියේ සිට ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ප්‍රවාහන කටයුතුවලින් ඉවත් වී තිබෙනවා. අවම වශයෙන් ප්‍රවාහන ගාස්තු 60%කින්වත් වැඩි කරන ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා.
මෙරට ඉන්ධන මිල ඉහළ ගියත් ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ගණන් අද ඩොලර් 100කටත් වඩා පහළ අගයක් ගනු ලැබුවා. මෙරිකානු වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 94 ක් සහ බ්‍රිතාන්‍යය වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 98 ක් ලෙස සටහන්ව තිබුණා.