ක්‍රිඩාංගන, විනෝද සැණකෙළි සහ සංගීත සංෆ්හර්ශන සඳහා ලබා දීමෙන් වැළකී සිටින ලෙස ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. කෝටි ගණනින් මුදල් යොදවා ක්‍රීඩාංගන නිර්මාණය කළ ද සංගීත සංදර්ශන වැනි දේ තුළින් ඒවා විනාශයට පත් වන බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ දෙහිවල ඇස්. ද ඇස්. ජයසිංහ ක්‍රීඩාංගණයේ ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණය විවෘත කිරීම හා ඉදිකිරීමට යෝජිත පිහිනුම් තටාකය සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමින්.