ලිට්‍රෝ ගෑස් සමාගමෙන් ගෑස් මිල ගැන ප්‍රකාශයක්

ලිට්‍රෝ සමාගම ගෑස් මිල වැඩි වීම සම්බන්ධයෙන් තීරණයක් ගෙන තිබෙනවා. ඒ අනුව සිංහල අළුත් අවුරුද්ද අවසන් වන තෙක් ලිට්‍රෝ ගෑස් මිල වැඩි නොකිරීමට එම සමාගම ඊයේ (22) තීරණය කර තිබෙනවා. නමුත් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයකින් රුපියල් 1500ක පමණ පාඩුවක් ලබන බව ද ඔවුන් සාකච්ඡා කර තිබෙන බව සඳහන්. 

එසේම එළඹෙන සෙනසුරාදා වන විට වෙළඳපොළේ පවතින ගෑස් හිඟය අවසන් වන බව ද එම සමාගම පවසා තිබෙනවා. මේ සතියේ සිට දෛනිකව ගෑස් සිලින්ඩර 120,000ක් වෙළඳපොළට නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu