
එයට හේතුව ලෙස ඔවුන් දන්වා ඇත්තේ සැලසුම් කර ආකාරයට ඉන්ධන ගොඩබෑමට නොහැකි වීමයි. ඩීසල් මෙට්‍රික් ටොන් 37,500ක් රැගත් නෞකාවක් ශ්‍රී ලංකාවට පැමිණ තිබුනත් එයින් සැලසුම් කල ආකාරයෙන් ඉන්ධන ගොඩබෑමට නොහැකි වී තිබෙනවා.
මේ හේතුවෙන් අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් ඩීසල් සැපයීම සිදු කරන බවත් පෙට්‍රල් සැපයීම සමාන්‍ය පරිදි සිදුවන බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා පවසා සිටිනවා.