කම්කරු දෙපාර්තමේන්තුවට ගැටළු ඉදිරිපත් කිරීමට අළුත් ක්‍රමයක්

පෞද්ගලික සහ අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරනු ලබන කම්කරුවන් ඇතුළු සියළුම නිලධාරීන්ට තම ගැටලු සහ පැමිණිලි අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කිරීමට අවස්ථාවක් සලසා දී තිබෙනවා. ඒ සඳහා විශේෂ පද්ධතියක් ඊයේ (15) හඳුන්වා දී තිබුණා. 

labourdept.gov.lk හෝ cms.labourdept.gov.lk යන කම්කරු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිවලට පිවිසීමෙන් තමන්ට ඇති ගැටළු ඉතාමත් සරල අන්දමින් ඉදිරිපත් කිරීමට මේ හරහා අවස්ථාව ලැබෙනවා. එසේ කම්කරු දෙපාර්තමෙන්තුවට සිදු කරන පැමිණිලි වලට අදාළ ඒ ඒ පුද්ගලයාට පැමිණිලි අංකයක් ලැබෙන අතර ඒ හරහා තමන්ගේ පැමිණිල්ලට නිසි ප්‍රතිචාර ලැබෙන ආකාරය පැමිණිලිකරුට සොයා ගැනීමට හැකියාව ලැබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu