ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් ලබා දීමට ඉන්දියාව එකඟ වී තිබෙනවා. ඒ සඳහා වූ ගිවිසුම අද පස්වරුවේ අත්සන් තබා ඇති බවයි පැවසෙන්නේ.
මෙම ණය මුදල මඟින් ශ්‍රී ලංකාවට අවශ්‍ය තිරිඟු පිටි, සීනි, සහල් සහ අත්‍යවශ්‍ය ඖෂධ මිල දී ගැනීමට අපේක්ෂිතයි.