මෙරට රත්‍රං මිල වාර්තාගත ලෙසින් ඉහළට

ලෝක වෙළඳපොළේ රන් මිල අද දිනයේ දී සුළු අඩු වීමක් පෙන්නුම් කළ ද මෙරට රන් පවුමක මිල ඉතිහාසයේ වාර්තාගත ලෙසින් අද ඉහළ ගොස් තිබෙනවා. 

ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල රුපියල් 150,000ක් ද කැරට් 22 රන් පවුමක මිල රුපියල් 139,000ක් ලෙසින් ද වාර්තා වනවා. 

ලෝක වෙළඳපොලේ රන් අවුන්සයක මිල පසුගියදා ඩොලර් 1980.21ක් ලෙසින් සටහන් වුව ද අද දිනයේ දී එය සටහන්ව ඇත්තේ ඩොලර් 1974.71ක් ලෙසින්ය. 

රුසියාව සහ යුක්‍රේනය අතර ඇති වී තිබෙන සටන් හේතුවෙන් රන් මිල සීඝ්‍රයෙන් ඉහළ ගිය අතර මෙරට වෙළඳපොළේ පවතින රත්තරන් ප්‍රමාණය ද සීඝ්‍රයෙන් හිඟවෙමින් පවතින බවයි ආරංචි මාර්ග පවසන්නේ. 



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu