හිටපු අමාත්‍යවරයෙකු වන අතාවුද සෙනවිරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියා.
මියයන විට අතාවුද සෙනවිරත්න මහතා 91 වන වියේ පසු වූවා.
1989 දී කෑගල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඒ මහතා අමාත්‍ය ධූර කිහිපයකම කටයුතු කරනු ලැබුවා. 1999 දී අතාවුද සෙනවිරත්න මහතා සබරගමුව පළාතේ මහ ඇමති ලෙස ද පත් වුණා.