සතොස සභාපතිවරයා සහ එහි ප්‍රවාහන කළමනාකාරවරයාගේ සේවය තාවකාලිකව අත් හිටුවීමට පියවර ගත් බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පවසනවා.
ඔවුන්ට එරෙහිව පවතින මූල්‍ය අක්‍රමිකතා රැසක් සම්බන්ධයෙන් සිදුවන විනය ක්‍රියාමාර්ග අවසන් වනතුරු මෙලෙස සේවය අත් හිටුවා ඇති බවයි පැවසෙන්නේ.
සතොස ආයතයේ කෝටි තුන හමාරක පමණ ගනුදෙනුවක් සම්බන්ධයෙන් වූ හඬ පටයකින් හෙළි වූ කාරණා මත මෙම ඉවත් කිරීම සිදු කර තිබෙනවා. එම හඬ පටයේ දැක්වෙන්නේ සතොස සීනි සැපයුම් කොන්ත්‍රාත්තුව වෙනත් ව්‍යාපාරිකයෙකුට ලබා දීම සම්බන්ධයෙන් වන ගනුදෙනුවක්. එසේම සතොස සභාපතිවරයා වෙනත් අයථා ගනුදෙනු ගණනාවකට සම්බන්ධ බවට මෙම හඬ පටයෙන් තොරතුරු හෙළි වී තිබෙනවා.