ජගත් ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයින් වන චීනය, ඉන්දියාව සහ එක්සත් අරාබි රාජ්‍ය මෙහිදී මධ්‍යස්ථ වෙමින් මෙම යෝජනාව සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා. අනෙක් සාමාජික රටවල් මෙම යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කලා.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය යනු එක්සත් ජාතීන්ගේ ප්‍රධාන අංග 6න් එකක් වන අතර එයට පැවරී ඇත්තේ ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව පවත්වා ගෙන යෑමයි. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියෙහි සටහන් කොට දක්වා ඇති පරිදී , එහි බලතල අතර සාමය පවත්වා ගෙන යෑමෙහි ක්‍රියාන්විතයන් සංස්ථාපනය කිරීම, ජාත්‍යන්තර සම්බාධක පැනවීම, සහ හමුදාමය ක්‍රියාමාර්ග සඳහා බලය ලබා දීම යන දේ අඩංගු වනවා. එහි බලතල ක්‍රියාත්මක කෙරෙන්නේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා ඔස්සේයි.
ආරක්ෂක මණ්ඩලයෙහි සාමාජීකයන් 15 දෙනෙකු සිටිනවා. දෙවන ලෝක යුද්ධයෙහි ජයග්‍රාහකයන්වී මහා බලවතුන් වීම මත පදනම්ව නිෂේධ-බලය-හිමි ස්ථීර සාමාජිකයන් පස් දෙනෙකුද මෙයට ඇතුලත් වනවා. ඒ චීනය, ප්‍රංශය, රුසියාව, එක්සත් රාජධානිය, සහ එක්සත් ජනපදයයි. ස්ථීර-නොවන සාමාජීකයෝ 10 දෙනෙකුද සිටින අතර, සැම වසරකදීම ඔවුන්ගෙන් පස්දෙනෙකු තෝරාපත් කර ගනු ලබන්නේ වසර දෙකක සේවා කාලයකටයි. වර්තමාන ස්ථීර -නොවන සාමාජීකයන් වන්නේ ඝානාව, ගැබොන්, කෙන්යාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දියාව, බ්‍රසීලය, මෙක්සිකෝව, අයර්ලන්තය, නෝර්වේ, ඇල්බේනියාව යි.
රුසියාව විසින් මෙම යෝජනාවට නිශේධ බලය භාවිතා කිරීම අමෙරිකාව විසින් හෙළා දැක තිබෙනවා. අමෙරිකානු නියෝජිතවරිය සඳහන් කර ඇත්තේ සිය හඬට එරෙහිව නිශේධ බලය පාවිච්චි කිරීමට රුසියාවට නොහැකි බවයි.