තාප බෝම්බ මෙතෙක් නිපදවා ඇති බලවත්ම න්‍යෂ්ටික නොවන අවි අතර වනවා. එක්සත් ජනපදය විසින් 2007 වසරේ දී ඇෆ්ගන් තලෙයිබාන් සංවිධානය වෙත හෙළන ලද තාප බෝම්බයක බර රාත්තල් 21,600ක් පමණ වූවා. එය බිම සිට අඩි හයක් ඉහළින් පුපුරා ගොස් තිබූ අතර ඉන් මීටර් 300ක (අඩි 1000) කට වඩා පළල ආවාටයක් ඇති වී තිබුණා.
මේ වන විට රුසියන් භට පිරිස් යුක්‍රේනයේ කිව් අගනුවරට තදාසන්න ප්‍රදේශවලට ළඟා වී ඇති අතර බර අවි වැඩි ප්‍රමාණයක් අගනුවර සිට කිලෝමීටර් 50කට වඩා දුරින් තබා ඇතැයි විශ්වාස කරනවා.