"ශීත යුද්ධයට" පසු ලොව දරුණුම යුද්ධයක පෙරනිමිති
Sunday, February 20, 2022
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් ඊයේ දිනයේ දී සිය හමුදාවන්ට න්‍යෂ්ටික මිසයිල පෙරහුරු අභ්‍යාසයක් සිදුකිරීමට නියෝග ලබා දී තිබෙනවා. මෙම සිදුවීමත් සමඟම අමරිකාව පැවසූ ආකාරයටම ඉදිරි දින කිහිපයේ දී රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමේ මෙහෙයුම් ආරම්භ කරනු ඇති බවටයි යුද විශ්ලේෂකයන් පවසන්නේ.
මේ වන විට රුසියන් හමුදාව යුක්‍රේන දේශ සීමාව ආසන්නයටම පැමිණ ඇති බව අමෙරිකා ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් පවසනවා. ඇමරිකාව සහ පැරණි සෝවියට් සමූහාණ්ඩුව අතර සිදු වූ "ශීත යුද්ධයෙන්" පසු ලොව ඇති විය හැකි දරුණුම යුද්ධයක පෙර නිමිති දැන් දක්නට ඇති බව බටහිර රටවල ජනතාව බිය පළ කර සිටිනවා.