සෞඛ්‍ය අමාත්‍යවරයා සහ උසස් නිලධාරීන් සමඟ 2022 ජනවාරි 04 දින පැවති සාකච්ඡාවක දී මධ්‍යම රජය යටතේ සේවයේ නියුතු මහජන සෞඛ්‍ය පරීක්ෂක තනතුරු සංඛ්‍යාව කප්පාදු නොකිරීමට ඇමතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා. නමුත් මහජන සෞඛ්‍ය භාරව කටයුතු කරන අදාළ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ඔහුගේ යටතේ සිටින නිලධාරීන්ට බලපෑම් කරමින් එම තනතුරු සංඛ්‍යාව අඩු කිරීම සුදුසු බව ලිඛිතව යෝජනා ලබා ගනිමින් සිටින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
දැනට ඒ අකාරයෙන් ලාදුරු මර්දන ව්‍යාපාරයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක තනතුරු සංඛ්‍යාව දෙකේ සිට එක දක්වා අඩු කිරීමට ද කටයුතු කර ඇති බව ඔවුන් පවසනවා. නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා හුදෙක්ම ද්වේශ සහගත සහ ඔහු නියෝජනය කරනු ලබන වෘත්තීය සංගම් අවශ්‍යතා පදනම් කරගෙන මෙසේ ක්‍රියාකරන බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ප්‍රකාශකවරයෙකු චෝදනා කර සිටින්නේ.
ආශ්‍රිත : මව්බිම