පවතින ඉන්ධන හිඟය හේතුවෙන් පෞද්ගලික බස් රථවල ගමන්වාර ප්‍රමාණය 50%කින් අඩු කිරීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාවන් සහ කාර්යාල වේලාවන් ආදී අත්‍යාවශ්‍ය ගමන් වාරවලදී පමණක් බස් රථ ධාවනය කිරීමට ඒ අනුව පියවර ගනු ඇති. දිවා කාලයේ බස් සේවාවන් සහ අනවශ්‍ය ගමන් වාර සම්පූර්ණයෙන්ම සීමා කිරීමට පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පියවර ගනු ලබනු ඇතැයි පැවසෙන්නේ.
මෙය අද (28) සිට ක්‍රියාත්මකයි.