විදුලි අර්බුදය ගැන පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා දුන් උපදෙස්

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) පස්වරුවේ විශේෂ කැබිනට් ‍රැස්වීමක් පැවැත්වූවා. ඒ රට තුළ දැනට පවතින විදුලි අර්බුදයට විසඳුමක් සෙවීම සඳහායි. 

මෙම සාකච්ඡාවට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශවල නිලධාරීන් ද එක්ව සිටියා. 

එහිදී ජනාධිපතිවරයා විෂයභාර අමාත්‍යවරුන්ට උපදෙස් ලබා දී ඇත්තේ අඛණ්ඩව ඉන්ධන සැපයීමට පියවර ගන්නා ලෙසයි. 

ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් මෙහි දී කිසිදු තීරණයක් ගෙන නැහැ. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu