විදුලිය ජනනය කිරීමට ඇති වී තිබෙන ගැටළු හේතුවෙන් අද උදෑසන 8.30 සිට සවස 7.30 දක්වා අතර කාලයේ දී දකුණු පළාතට හැර සෙසු පළාත්වලට පැයක විදුලි කප්පාදුවක් සිදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලයට මහජන උපයෝගිතා කොමිසම විසින් අවසර ලබා දී තිබෙනවා.
දකුණු පළාතට පමණක් උදෑසන 8.30 සිට සවස 4.30 දක්වා කාලයේ දී පැය තුනක විදුලි කප්පාදුවක් සිදු කරන බවයි මහජන උපයෝගිතා කොමිසම පවසන්නේ.