පාකිස්තානයේ පන්ජාබ් පළාතේ ඛානේවාල් ප්‍රාන්තයේ දී මෙම ඝාතනය සිදුව ඇති අතර මේ වන විට ඝාතනයට සම්බන්ධ යැයි සැක කරන පුද්ගලයින් 80 දෙනෙකු පමණ අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඝාතනයට ලක් වූ පුද්ගලයා පැහැරගෙන ගොස් ලාහෝර් සිට කිලෝමීටර 275ක් පමණ දුරින් පිහිටි ස්ථානයක දී යකඩ පොලුවලින් පහර දී ඝාතනය කර ඇති බවයි පැවසෙන්නේ. ඔහුගේ මළ සිරුර ගසක එල්ලා තිබිය දී සොයා ගැනීමට පොලීසියට හැකි වී තිබෙනවා.
මෙම පුද්ගලයා බේරා ගැනීමට අසමත්ව රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ පොලිස් නිලධාරීන් පිළිබඳව වාර්තාවක් ලබා දෙන ලෙස පාකිස්තාන් අගමැති ඉම්රාන් ඛාන් පවසා තිබෙනවා.