ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා සඳහා විදේශ ගත වන සියලුම ශ්‍රී ලාංකිකයන්ට නොමිලයේ රක්ෂණාවරණයක් හිමි වනවා. එම රක්ෂණාවරණය කාර්යාංශයේ ලියාපදිංචි වලංගු කාලසීමාව වන වර්ෂ 2 ක් හෝ 3 ක් සඳහා බලපැවැත්වෙන අතර, ඒ යටතේ මරණ වෙනුවෙන් සහ බරපතල රෝගී තත්ත්වයන්, අනතුරු සහ හිරිහැර සඳහා වන්දි හිමිවනවා.
.එම රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ ආවරණය නොවන අවස්ථාවලදී ඉතාමත් සාධාරණ හේතූන් සඳහා මානුෂීය පදනම මත සලකා බැලීම සඳහා සේවක සුබසාධක අරමුදලෙහි විශේෂ කමිටුවට යොමුකරනු ලබන අතර , එම කමිටුව මඟින් ගන්නා ලද තීරණයන් මත සහන සැලසීම සිදු කරනු ලබනවා.
විදේශ රැකියාවක් සඳහා කාර්යාංශයේ ලියාපදිංචි වුව ද එම කාල සීමාව දීර්ඝ කර නොගැනීම හා එය ඉක්මවීමෙන් පසු බරපතල රෝගී තත්ත්වයන්, අනතුරු, හිරිහැර හෝ මරණ වෙනුවෙන් රක්ෂණ ආවරණය නොලබන විගමනික ශ්‍රමිකයින් සහ ඔවුන්ගේ යැපෙන්නන් සඳහා කාර්යාංශයේ සේවක සුබසාධක අරමුදල මඟින් සහන ප්රතිලාභ වශයෙන් යම් මුල්‍යමය ප්‍රදානයක් කරනු ලැබෙනවා.
2021.12.10 දින පැවති සේවක සුභසාධක අරමුදල් කමිටුව මඟින් අනුමත කරන ලද ලිපිගොනු 40 ක් යටතේ ප්‍රතිලාභීන් 84 ක් සඳහා රුපියල් මිලියන 9.95 ක මුදලක් ප්රදානය කිරීමට අනුමැය ලැබී ඇති අතර, එම අනුමැතිය යටතේ බස්නාහිර පළාතේ ලිපිගොනු 20 ක, ප්‍රතිලාභීන් 47 ක් සඳහා රුපියල් මිලියන 5.25 ක වටිනා කමින් යුත් චෙක්පත් ප්රදානය සිදු කර තිබෙනවා.