යුක්‍රේනයේ සිටින කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට මෙතෙක් දිවයිනට පැමිණෙන ලෙස කිසිදු ඉල්ලීමක් සිදු කර නොමැති බව විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ පවසා තිබෙනවා. එසේම එරට සිටින ශ්‍රී ලාංකිකයින් දිවයිනට රැගෙන ඒමට ද කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි ඔහු පවසන්නේ.
මේ වන විට ශ්‍රී ලාංකිකයින් 50 කටත් අඩු සංඛ්‍යාවක් යුක්‍රේනයේ සිටින අතර ඔවුන් අතර එරට ඉගෙනුම ලබන සිසුන් පිරිසක් ද සිටිනවා. ඔවුන් සියළු දෙනා පිළිබඳව සොයා බැලීමට යුක්‍රේනයේ ශ්‍රී ලංකා තනාපති කාර්යාලයක් නොමැති වුවත් තුර්කියේ අන්කාරහි පිහිටි තානාපති කාර්යාලයෙන් අවශ්‍ය කටයුතු සිදු කරන බව විදේශ කටයුතු ලේකම්වරයා පවසනවා.