දරුවන් දෙදෙනා වයස අවුරුදු දෙක හමාර සහ එක හමාර වියේ පසුවන බවයි පැවසෙන්නේ. පොලිසීය විසින් කරුණු අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පවසා ඇත්තේ මෙම තැනැත්තිය දේපළ ද කොල්ල කා දරුවන් ද රැගෙන පලා ගොස් විදෙස් ගත වීමට සූදානම් වන නිසා ඇයගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසයි.
එහිදී මහේස්ත්‍රාත්වරයා විමසා ඇත්තේ දරුවන් සහ දේපල රැගෙන යාමට බිරිඳට අයිතියක් නැතිද ? යනුවෙනි. එසේ දරුවන් සහ දේපල රැගෙන යාමට බිරිඳට අයිතියක් ඇති බැවින් ඒ හේතුවෙන් එම තැනැත්තියගේ විදෙස් ගමන් තහනම් කිරීමට කිසිදු නෛතික පදනමක් නොමැති බව මහේස්ත්‍රාත්වරයා මෙහි දී ප්‍රකාශ කලා. ඒ අනුව එම ඉල්ලීම මහේස්ත්‍රාත්වයා විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ආශ්‍රිත : ලංකාදීප