සහෝදර දේශපාලන පක්ෂ සමඟ එකමුතුව නව සන්ධානයක් පිහිටුවන බව හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන පවසනවා. ඒ ඉදිරි මැතිවරණ ජයග්රහණය කිරීමේ අරමුණින්.
හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ වව්නියාවේ ඊයේ (19) පැවති ශ්රී ලංකා නිදහස් පක්ෂ වන්නි දිස්ත්රික් සමුළුව අමතමින්. මෛත්රිපාල සිරිසේන මහතා ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා යි.