පරිසර අමාත්‍යවරයා ලෙස කටයුතු කරන මහින්ද අමරවීර අමාත්‍යවරයාට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. ඊයේ (02) සිදුකල පරීෂණවලින් අනතුරුව අද (03) දිනයේ දී මේ බව අනාවරණය කර ගෙන ඇති බවයි පැවසෙන්නේ.
අමාත්‍යවරයා මේ වන විට නිරෝධායනයට යොමු කර තිබෙනවා.
දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 46 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙන බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.