ලොව සුප්‍රකට කැනේඩියානු පොප් ගායක ජස්ටින් බීබර්ට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අමෙරිකාවේ ලාස් වේගාස් හි පැවැත්වෙන ප්‍රසංගයකට සහභාගී වීමට පෙර සිදු කල කොවිඩ් පරීක්ෂණයකින් ඔහුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය කර ගෙන ඇති බවයි පැවසෙන්නේ. ඔහු කොවිඩ් පරීක්ෂාවට ලක් කර ඇත්තේ ඔහුට කොවිඩ් රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන්.
අමෙරිකාවේ ලාස් වේගාස් හි පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රසංගය ද කල් දමා තිබෙනවා.