පානදුර කෙසෙල්වත්ත තක්ෂලා පාර ප්රදේශයේ පැවති රැස්වීමක දී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කල පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම පුද්ගලයා එම ස්ථානයට පැමිණ පොලිස් නිලධාරීන්ට සැර පරුෂ ලෙස වචනයෙන් ද බැන වැදී ඇති බවයි පැවසෙන්නෙ. ඔහු පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුගේ ම මුඛ ආවරණය ද ගලවා ඉවත් කර ඇති බව වාර්තා වනවා.
සැකකරු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු එම ප්රදේශයේම පදිංචි චනක චමත් පෙරේරා හෙවත් රැප් ගායක ෆිල්ටි ලෙස හදුන්වන තැනැන්තෙක්.