යුක්රේන හමුදා සහ රුසියන් හමුදාව අතර එම ප්‍රදේශයේ මේ වන විට දැඩි සටන් පවතින බව යුක්‍රේන බලධාරීන් පවසනවා.
1986 වර්ෂයේදී පිපිරීමකට ලක් වූ මෙම න්‍යෂ්ටික බලාගාරයේ න්‍යෂ්ටික අපද්‍රව්‍ය ගබ්ඩා කිරීමේ සංකීර්ණවල තබා තිබෙන අතර යුද ගැටුම් පවතින්නේ එම කලාපය තුලයි. පවතින සටන් තත්ත්වය සමඟ යම් හෙයකින් න්‍යෂ්ටික අපද්‍රව්‍ය ගබඩා කර ඇති පහසුකම් විනාශ වුවහොත් එහි විකිරණශීලීත්වය යුක්රේනය, බෙලරුස් සහ යුරෝපා කලාපයටම දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවයි යුක්රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය අනතුරු අඟවා සිටින්නේ.