ඉන්ධන මිල ඉහළ දැමීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් බලශක්ති අමාත්‍යවරයාගෙන් දෙවන වරටත් ඉල්ලීමක් කර තිබුණා.
එහිදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉල්ලා සිටියේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 192කටත් ඩීසල් ලීටරයක් රුපියල් 169කටත් අලෙවි කිරීමට අවසර ලබා දෙන ලෙසයි. දැනට පෙට්‍රල් ලීටරයක් රුපියල් 177කටත් ඩීසල් ලීටරයක් රුපියල් 121කටත් අලෙවි වනවා.
මෙම මිල ගණන්වලට ඉන්ධන අලෙවි කිරීමට අනුමැතිය හිමි වුවහොත් එය ඉතිහාසයේ පෙට්‍රල් සහ ඩීසල් අලෙවි වන ඉහළම මිල වනු ඇති බවට වාර්තා වනවා.