දැනට පවතින ඉන්ධන තොග ප්‍රමාණවත් දින ගණන්

දැනට ශ්‍රී ලංකාවේ පවතින ඉන්ධන තොග අනුව පෙට්‍රල් 92 දින දහයකටත් පෙට්‍රල් 95 දින හතළිහකටත් . ලංකා ඔටෝ ඩීසල් දින අටකටත් සුපර් ඩීසල් දින අටකටත් ප්‍රමාණවත් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර තිබෙනවා.

ඉදිරියේ දී තවත් ඉන්ධන තොග ලැබීමට නියමිත බවත් ඇමතිවරයා සඳහන් කරනවා. දැනට ගොඩ බාමින් පවතින ඩීසල් තොගයෙන් විදුලිබල මණ්ඩලය සඳහා මෙට්‍රික් ටොන් 6000ක් ද sojitz බලාගාරය සඳහා මෙට්‍රික් ටොන් 4200 ක් ද වශයෙන් දින හයක් සඳහා අවශ්‍ය ඩීසල් සැපයීමට පියවර ගෙන ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu