කොවිඩ් වෛරසය ආසාදනය වූ, එන්නත් මාත්‍රා තුනම ලබාගෙන ඇති පුද්ගලයෙක්ගෙන් තවත් අයෙක්ට වෛරසය සම්ප්‍රේෂණය වීමේ හැකියාව ඉතා අවම බව කොළඹ වෛද්‍ය පර්‌යේෂණ ආයතනයේ වයිරසවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය නදීක ජානගේ පවසනවා.
එවැනි පුද්ගලයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වුවහොත් දින 7ක නිරෝධායන කාලසීමාවකින් පසුව සාමාන්‍යයෙන් සිය දෛනික රාජකාරි සිදු කල හැකි වනවා. එසේ පූර්න එන්නත්කරණයට ලක්වූ පුද්ගලයින් දින හතකින් පසුව රාජකාරියට වාර්තා කිරීමේ දී රැපිඩ් ඇන්ටිජන් වාර්තාවක් හෝ පී.සී.ආර් වාර්තාවක් තම ආයතනයට ඉදිරිපත් කිරීම ද අවශ්‍ය වන්නේ නැහැ.